බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පළමු 20 – 20 තරගය එරට වේලාවින් අද රත්‍රියේදී සෙන්ට් ලුසියා හිදී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර මෙය ශ්‍රී ලංකාවේ වේලාවින් නම් සෙනසුරාදා (10) උදෑසන 5:00 ට පමණ ආරම්භ වනු ඇතී.
මාර්තු මාසයෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙය වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියේ 3 – 2 ක තරගාවලි පරාජයකින් පසුව මෙම තරගාවලිය සදහා මුහුණදෙනවා.
මේ දක්වා දෙරට අතර 20 – 20 තරග 11 ක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන් තරග 6 ක ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් තරග 5 ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් හිමිව තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපුරුදු පරිදි ප්‍රභල කණ්ඩායමක් යොදවා ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඩේවිඩ් වෝනර් , ස්ටීව් ස්මිත් , ග්ලේන් මැක්ස්වෙල් , මාකස් ස්ටොනිස් , කේන් රිචර්ඩ්සන් , ජේ රිචර්ඩ්සන් , ඩැනියෙල් සෑම්ස් , ස්ටීව් ස්මිත් වැනි ප්‍රභල ක්‍රීඩකයන්ගේ සේවය අහිමිව තරගාවලිය සදහා එක්වනු ලබනවා.

ඩැනියල් ක්‍රිස්ටියන් 2017 වසරට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් එක්වීමට නියමිත අතර මිචෙල් මාශ් අංක 3 පිතිකරු ලෙසට කටයුතු කරන බව පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ප්‍රකාශ කර සිටියා. මිචෙල් ස්ටාර්ක් ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ බළඇණිය මෙහෙයවන අතර ඇඩම් සැම්පා හා ඇස්ටන් ඒගාර් දෙදෙනාම ක්‍රීඩා කරනු ඇති බවද සදහන්. තරගාවලිය බබටහිර ඉන්දීය කොදෙව් යූටියුබ් නානාළිකාව හරහා විකාශනය වීමට නියමිතව තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here