ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර තරග 03 කින් සමන්විත එක්දින හා 20 – 20 තරගාවලිය එළඹෙන මස 27 වනදා ආරම්භ වීමට නියමිතය. මේ සදහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර ඔවුන් සමගින් තරග වදින ඕස්ට්‍රේලියානු සංචිතය අද දින ප්‍රකාශයට පත්කොට තිබේනවා.

IPL තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාශ් මෙම සංචිතයට ඇතුළත්ව නොමැති අතර ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මොයිසස් හෙන්රිකස් ඕස්ට්‍රේලියානු සංචිතයට කැදවා ඇත. එසේම 21 හැවිරිදි කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු සංචිතටට ප්‍රථම වරට කැදවා ඇති අතර ඔහු බටහිර ඕස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

ඕස්ට්‍රේලියානු පන්දුවාර 50 හා T20 සංචිතය

ආරොන් ෆින්ච් (c), ශෝන් ඇබෝට්, ඇස්ටන් ඒගාර්, ඇලෙක්ස් කෙරී , පැට් කමින්ස් , කැමරන් ග්‍රීන් , ජෝෂ් හේසල්වුඩ් , මොයිසස් හෙන්රිකස් , මානස් ලබුශෙන් , ග්ලේන් මැක්ස්වෙල් , ඩැනියල් සෑම්ස් , කේන් රිචර්ඩ්සන් , ස්ටීවී ස්මිත් , මිචෙල් ස්ටාර්ක් , මාකස් ස්ටොනිස් , මැතිව් වේඩ් , ඩේවිඩ් වෝනර් හා ඇඩම් සැම්පා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here