සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ නිමාවට පත්වුණේ ඉන්දීය කණ්ඩායමට කඩුළු 08 ක අමිහිරි පරාජයක් අත්කර දෙමිනි.
තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 244 ක් ලබා ගැනීමට සමත් විය.ඉන්දියාව වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 74 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 4 ක් බිදහෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 191කට සීමා කරමින් පළමු ඉනීමේ ලකුණු 53 ක වාසියක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා පිතිහරඹයක නිරතවූ නායක ටීම් පේන් ලකුණු 73 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 53 ක වාසියක් සමගින් ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පෘතිවි ශෝ ලකුණු 4 කට දවාගැනීමට පැට් කමින්ස් සමත්විය. ඊයේ දිනය නිමාවට පත්වනවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 9 කට එක් කඩුල්ලක් ලෙස සටහන් අතර මයන්ක් අගර්වාල් සමගින් සැදෑ ආරක්ශක පිතිකරු ලෙස පිටියට පිවිසි ජස්ප්‍රිට් බුම්රා කඩුල්ලේ රැඳී සිටියහ.

අද දිනය ආරම්භ කරමින් ක්‍රියාත්මක කළ දෙවන පන්දුවාරයේදීම සැදෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ජස්ප්‍රිට් බුම්රා දවා ගැනීමට පැට් කමින්ස් සමත්විය. ඒ වනවිට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 2 ක් දැවී ලකුණු 15 ක් ලෙසට දිස්විය.

අනතුරුව පිටියට පිවිසි චෙටෙස්වර් පුජාරා ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් දවා ගැනීමට නැවතත් ක්‍රියාත්මකවූ පැට් කමින්ස් සමත්විය. ඉන් අනතුරුව තමා දෙවන ඉනීමේ ක්‍රියාත්මක කළ පළමු පන්දුවෙන්ම මයන්ක් අගර්වාල් දවාගත් ජෝස් හේසල්වුඩ් එම පන්දුවාරයේදීම අජින්කයා රහනේ දවා ගැනීමට සමත්විය. අනතුරුව ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 19 ක්ව තිබියදී ඉන්දීය නායක විරාට් කෝලි දවා ගැනීමට පැට් කමින්ස් සමත්වූයේ කැමරන් ග්‍රීන් ලබාගත් විශිෂ්ඨ උඩ පන්දුවක් නිසාවෙනි. එය කමින්ස්ගේ 150 වන ටෙස්ට් කඩුල්ල විය.

ඉන්පසුවද කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ ප්‍රස්තාව ලබානොදුන් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් ඉන්දීය ඉනීම ලකුණු 36 කට සීමා කිරීමට සමත්විය. අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කළ මොහොමඩ් ශම්මි ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්විය. මෙම තරගය වාර්තා අතරට එක්වූයේ ,

1.ඉන්දීය කණ්ඩායම ටෙස්ට් පිටියේ වාර්තා කළ අඩුම ලකුණු සංඛාව

2.ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ කණ්ඩායමක් දැවීගිය අඩුම 5 වන ලකුණු සංඛාව සම කිරීම

3.ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 10 කට වඩා අඩුවෙන් දැවීගිය දෙවන අවස්ථාව

4.දිවා රාත්‍රී ටෙස්ට් තරගයක කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව

5.1955 වසරේ සිට ටෙස්ට් පිටියේ කිසිදු පිතිකරු යුගලක් අතර ලකුණු 10 ක සම්බන්ධතාවයක් ඇති නොවුණ පළමු තරගය ලෙසටය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය කඩුලු 02 ක් පමණක් බිදවැටී සම්පූර්ණ කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 – 0 ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය ඉනීමේ කඩුලු බිදවැටීම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here