ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් හා සීමිත පන්දුවාර ක්‍රීඩක සුරාජ් රන්දිව් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මේ දිනවල ඔහු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හට දැල් තුළ පන්දු යැවීමේ කාර්යයක නිරත වෙමින් සිටිනවා.

(Photo by Ryan Pierse/Getty Images)

විශේෂයෙන්ම පළමු ටෙස්ට් තරගයේදී රවිචන්ද්‍රන් අශ්වින් පන්දු යැවීමේදී කැපී පෙනෙන දස්කම් දැක්වීම හේතුවෙන් ඔහුට මුහුණදීම සඳහා මෙලෙස රන්දීව්ගේ දායකත්වය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාගෙන තිබෙනවා. සුරාජ් රන්දිව් ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් එක්දින තරග 31 ක් හා 20 – 20 තරග 07 ක් නියෝජනය කරනු ලැබූ අතර මේ වනවිට රන්දිව් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිවී සිටිනවා.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here