15 වන වරටත් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන බව ඩේලි ෆ්ටී පුවත්පත අනාවරණය කර තිබෙනවා. පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය 2016 වසරේදී බංග්ලාදේශයේදී 20 – 20 තරගාවලියක් ලෙස පැවැත්වුණා.

තරගාවලිය මේ වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොවිඩ් -19 තත්වයන් හා සංචරණය සදහා ඇති විවිධ බාධාවන් හේතුවෙන් තරගාවලිය කිහිපවරක්ම කල් ගියා. කෙසේනමුත් Daily FT පුවත්පත සදහන් කරන පරදි 2022 වසරේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරටදී පැවැත්වෙනු ඇතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here