පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 147 ක් ක්‍රීඩාකොට කඩුලු 259 ක් දවාගත් පාකිස්තාන සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා විරාමයක් (indefinite) ප්‍රකාශයට පත්කොට තිබෙනවා.
2009 වසරේදී පාකිස්තානු කණ්ඩායම පළමු වරට නියෝජනය කළ මොහොමඩ් අමීර් 2009 ලෝක කුසලානය 20 -20 ශූරතාවය දිනූ පාකිස්තානු කණ්ඩායමේද සාමාජිකයෙකු විය.

2010 වසරේදී තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ මොහොමඩ් අමීර් ඉන්පසුව 2017 වසරේ චැම්පියන්ස් ත්‍රෝපි කුසලානය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ සිටි ප්‍රභල ක්‍රීඩකයෙකුද වුණා.
ඉන්පසුව ඔහු ටෙස්ට් ක්‍රීඩාවට සමුදීම ප්‍රකාශයට පත්කළ අතර මෙම තාවකාලික විරාමයට ප්‍රධාන හේතුව ලෙස අමීර් සදහන්කොට තිබෙන්නේ පාකිස්තාන ක්‍රිකට් බළධාරීන් තාමාව නොසළකා හරිමින් තේරීම් සිදුකරන බවත් නවසීලන්ත තරග සංචාරය සදහාද තාමා නුසුදුසු ක්‍රීඩකයෙකු ලෙස සැලකූ නිසා එවැනි කළමනාකාරිත්වයක් යටතේ තවදුරටත් පාකිස්තානය නියෝජනය කිරීමට තමා බලාපොරොත්තු නොවන බැවින් මෙලෙස ක්‍රීඩාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
.@iamamirofficial announces retirement from cricket and said he cannot work with current management. Do you agree with his statement?#Cricket #Pakistan #MohammadAmir #Gojra #PCB #Rawalpindi #GalleGladiators #LPLT20 #SriLanka pic.twitter.com/Sr7FdupVbp
— Khel Shel (@khelshel) December 17, 2020