ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අතර දෙවන 20 – 20 තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 7 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයවී තිබෙනවා.

අද තරගය පිළිබඳව අදහස් දක්වමින් ලසිත් මාලිංග සදහන් කර සිටියේ දසුන් ශානක හැකි නම් තරගයේ පළමු පන්දුවාරයේ සිට පන්දු යැවිය යුතු බවයි.
” දසුන්ට මද වේග පන්දු යවන්නෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ හෙමින් දාන පන්දුව ඔහු හොදින් ක්‍රියාත්මක කරනවා. ඔහු නායකත්වය දරණකොට දන්නවා කණ්ඩායමේ දගපන්දු යවනන් 4 ක් ඉන්නවා කියලා. අපි ස්ට්‍රෙන්ත් කරලා තියෙන්නේ දගපන්දු යවන්නන්ට. ඔහු උත්සහා කරනවා ඔහු හිතන දගපන්දු යවන්නන්ට තරගය ඔහුගේ පැත්තට අරගෙන දෙන්න. මොකද අකිල , වනිදු , ධනංජය , තීක්ෂණ වගේ 4 ක් ඉන්නකොට මම හිතනවා ඔහු කරපු දේ හරි කියලා. දසුන් වෙන නායකයෙක් යටතේ හිටියා නම් සමහරවිට පන්දුවාර 6 න් පසුව ඔහු පන්දුවාර 2 ක් ක්‍රියාත්මක කරයි කියලා. දසුන්ට පුළුවන් පළමු පන්දුවාරයේ ඉදන් පන්දු යවන්න පුළුවන් නම් හොදයි. මොකද සාමාන්‍යයෙන් පන්දුවාර 2 ක් වගේ පිතිකරුවන් යොදාගන්නවා තණතීරුව හදුනාගන්න.

ඒ වගේම අකිල විකට් ටේකින් බෝලර් කෙනෙක් විදියට යොදාගනන්නේ. එයා නිතරම තරග දිනවන පන්දු යවන්නෙක් වෙන්න උත්සාහ කරනවා. එයාගේ කන්ට්රෝල් එක පොඩ්ඩක් නැති වෙලා. එයාගේ පන්දු යවන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එයා පන්දු යවන්න හිතන විදියේ ප්‍රශ්නයක් තියෙන්නේ. තමන්ට කන්ට්‍රෝල් එක තියෙන පළමු පන්දුවෙන් අකිල පන්දු යවන්න පටන් ගන්න ඕනී. එතකොට තමයි එයාට කන්ෆිඩන්ස් එකක් එන්නෙ” යනුවෙන් මාලිංග සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here