ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් ආන්දෝලනාත්මක ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් වයස යනු සමහරුන්ට ඉලක්කමක් පමණක් වුවද තවත් අයෙකු හට සමුගැනීමට තරම් එය හේතුවක් බව සදහන් කොට තිබෙනවා.

ඊයේ මහේන්ද්‍ර සිං දෝනී ක්‍රීඩා කල ආකාරයෙන් පසුව ඔහු මෙම ට්වීටර් පණිවුඩය නිකුත් කිරීම නිසා ඔහුට සිදුවූ අසාධාරණයක් සම්බන්ධව යම් ඉඟියක් ලබා දුන්නාද විය හැකිය. ඉන්දීය කණ්ඩායම ලද 2007 ලෝක කුසලාන 20 – 20 ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවකුවූ ඉර්ෆාන් පතාන් ඉන් අනතුරුව පැවැති ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වුණා.

වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර වරම් දිනාගත් ඉර්ෆාන් වයස අවුරුදු 28 දී අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේදී නියෝජනය කළ අතර ඉන් පසුව ඔහුට නැවතත් අවස්ථාවක් නොලැබුණි. පතාන් ක්‍රීඩා කළ අවසන් තරග 10 තුළදී පහත පරිදි දස්කම් දක්වා ඇත.

අවසන් එක්දින තරග 10 – 48.33 Bat Avg, 15 wickets
අවසන් ටෙස්ට් තරග 10 – 38.85 Bat Avg, 26 Wickets
අවසන් 20 – 20 තරග 10 – 13.66 Bat Avg, 13 wickets
( ඉනීම් 3 ක් පමණක් පිතිකරණයේ යෙදී ඇත )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here