ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ 20 – 20 නායකත්වය සදහා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක 22 හැවිරිදි රශීඩ් ඛාන් පත්කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔක්තෝබර් මස 17 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා පැවැත්වෙන 20 – 20 ලෝක කුසලානය ඉලක්ක කරගෙන මෙම පත්වීම සිදුකර ඇති අතර ඔහුගේ සහයකයා ලෙසට වමතින් පිත්ත හසුරවන නජිබුල්ලා සඩ්‍රාන් නම් කර තිබෙනවා.

(Photo by Stu Forster-ICC/ICC via Getty Images)

” තුන් ඉරියව් ක්‍රීඩක රශීඩ් ඛාන් ඇෆ්ගනිස්තාන 20 – 20 කණ්ඩායමේ නායකත්වය සදහා නම් කරනු ලැබුවා. ඔහුගේ සයහකයා වශෙයෙන් නජිබුල්ලා සඩ්‍රාන් කටයුතු කරනු ඇතියී” යනුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිළ නිවේදනයේ සදහන් වනවා. මේ වනවිට 20 – 20 පන්දු යවනන් ශ්‍රේණිගත කිරීම්හි අංක 2 ස්ථානයේ පසුවන රශීඩ් සදහන් කර තිබෙන්නේ සිය කණ්ඩායම සදහා සේවය සැපයීම ඔහු ලබන ගෞරවයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here