ලොව තෙවන වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා සේම වැඩිම කඩුලුලාභී වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් පසුගියදා පළමුපෙළ පිටියේ 1 000 වන කඩුල්ල බිදහෙළීමට සමත්වුණා. එයින් පසුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇන්ඩසන් සදහන් කර සිටියේ ඔහු මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට විශාලතම සවිය වූයේ ඔහුගේ බිරිද බවයි.
39 හැවිරිදි ඇන්ඩසන්ට 2019 වසරේ අලුබදුන තරගාවලියේදී පන්දුවාර 4 ක් පමණක් ක්‍රියාත්මක කිරීමට හැකිවූ අතර ඉන්පසුව ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ ආබාධ තත්වයක් හේතුවෙන්.

” මේ දක්වා මම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලොකුම හේතුව තමයි බිරිද. ඇය ගොඩක් මාව තේරුම් අරගෙන මට උදව් කරනවා. ලොකු සහයක් හැමවෙලාවකම මට ලබාදෙනවා. පසුගිය අලුබදුන තරගාවලියේදී ආබාධයක් නිසා මට තරගාවලියෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඒ විදියට සිදුවූ පළමු අවස්ථාව එය නොවන නිසා මම හිතුවා ක්‍රීඩා කරා ඇති කියලා. නමුත් ඇය ඒ වෙලාවේ මාව නිවාඩුවකට රැගෙන ගිහින් මගේ මනස හදලා දිගටම ක්‍රීඩා කරන මෙන් පවසා සිටියා. මටත් වඩා ඇයට තමයි ලොකු ආසාවක් තිබුණේ නැවත මම ක්‍රීඩා කරනවා බලන්න. මම හිතනවා ඇය වඩාත් කැමති ඇති මම නිවසේ නොමැති එක ගැන ( සිනහවෙමින් )” යනුවෙන් ඇන්ඩසන් සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here