මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සදහා ශ්රී ලංකා ක්රීඩකයන් 31 දෙනෙකු සිය නම් ඉදිරිපත් කොට තිබුණු අතර ඉන් ක්රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කොට ඇත්තේ ක්රීඩකයන් 09 දෙනෙකු පමණි. එම ක්රීඩකයන් 09 දෙනා අතරින් තවමත් ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්රීඩකයන් 03 දෙනෙකු සිටන අතර එම ක්රීඩකයන් වන්නේ මහේෂ් තීක්ෂණ , කෙවින් කොත්තිගොඩ හා විජයකාන්ත් වියස්කාන්ත් වේ. මීට අමතරව කුසල් ජනිත් , වනිදු හසරංග , තිසර පෙරේරා , දසුන් ශානක , ඉසුරු උදාන හා දුෂ්මන්ත චමීර වේ. මේ අතරින් කුසල් ජනිත් පෙරේරා , තිසර පෙරේරා , දුෂ්මන්ත චමීර , ඉසුරු උදාන , වනිදු හසරංග හා දසුන් ශානක ඉන්දීය රුපියල් ලක්ශ 50 කට සිය නම් ඉදිරිපත් කොට ඇති අතර කෙවින් කොත්තිගොඩ , මහේෂ් තීක්ෂණ හා විජයකාන්ත් වියස්කාන්ත් යන ක්රීඩකයන් තිදෙනා ඉන්දීය රුපියල් ලක්ශ 20 කට සිය නක් ඉදිරිපත් කොට ඇත.

ඉන්දීය ක්රීඩකයන් 164 ක් සමගින් ටෙස්ට් වරම් දිනාගත් රටවල ක්රීඩකයන් 125 ක් හා ටෙස්ට් වරම් දිනා නොගත් රටවල ක්රීඩකයන් 03 ක් සමගින් ක්රීඩකයන් 292 ක් ක්රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත්වී ඇත. එක් එක් ක්රීඩකයන්ගේ මිළ ගනන් පහතින්