2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පවාදී තිබෙන බවට මතුකළ චෝදනාව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී මුජුබර් රහුමන් මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කරනු ලැබුවා. මේ අවස්ථාවේදී පිළිතුරු ලබාදෙමින් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියේ ක්‍රීඩකයන් මෙයට සම්බන්ධ නොමැති බවයි.

“ලෝක කුසලානය පිළිබඳව මම ප්‍රකාශයක් කලා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කළා. ඒ කරපු පරීක්ෂණය පිළිබඳව මම සෑහීමකට පත්වන්නේ නෑ. මම එහෙම කියන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාත් ඉන්න නිසා. ඒ පරීක්ෂණයේදී එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති , ලේකම්ගෙන් කටඋත්තර අරගෙන නෑ. වල්ඩ් කප් එකේ මැනේජර්ගෙන් කටඋත්තර අරගෙන නෑ. මම පැහැදිලිවම කිව්වා මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියලා. නමුත් පරීක්ෂණ නොමග යවන්න ක්‍රීඩකයන් ගෙනාවා මේකට. ප්‍රශ්නය තියෙන්නේ ක්‍රීඩකයන් එක්ක නෙමෙයි. මම ඒක පැහැදිලිවම කිව්වා. සුරාජ් දන්දෙණිය , ඩී ඇස් ද සිල්වා , නිශාන්ත රණතුංගගෙන් කටඋත්තර ගන්න කියලා මම CID එකට කිව්වා. මේ කිසිකෙන්ගෙන් කටඋත්තර නොගෙන ක්‍රීඩකයන්ගෙන් කටඋත්තර ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා මේකේ කිසිදෙයක් ගන්න නෑ කියලා කිව්වා. ඒ නිසා මම මේ පරීක්ෂණය ගැන සෑහීමකට පත්වන්නේ නෑ” යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here