ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වැළදේ

0
742

හිටපු ස්කොට්ලන්ත ක්‍රීඩක රානා මජීඩ් ඛාන් හක් කොවිඩ් 19 වෛරසය ආසාධනවී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බවට අනාවරණය වේ. ඔහු පයිස්ලිහි රෝයල් ඇලෙක්සැන්ඩර් රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් එහි  මණ්ඩලය තමා වෙත  මණ්ඩලය තමාහට ඉතා හොදින් උපස්ථාන කළ බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.


මජීඩ් ස්කොට්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 54 ක් හා 20-20 ජාත්‍යන්තර තරග 21 ක් ක්‍රීඩා කොට ඇත. එසේම ඔහු ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලාභියා වන අතර  ඔහු බිඳ හෙළා ඇති මුළු එක්දින කඩුලු සංඛ්‍යාව 60කි. 


මජීඩ් අවසන් වරට 2015 වසරේදී ඕස්ට්‍රේලියාවේදී හා නවසීලන්තය කේන්ද්‍රකොටගෙන පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ස්කොට්ලන්තය නියෝජනය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here