නව මුහුණුවරකින් ආරම්භ කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ටෙන්ඩර් නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කොට තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට තරගාවලිය අගෝස්තු මස 15 වනදා ආරම්භ කොට සැප්තැම්බර් මස 4 වනදා අවසන් වීමට නියමිතය.

තරග 23ක් පුරා දින 16ක් පුරාවට පැවැත්වීමට නියමිත අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය , පල්ලෙකැලේ ක්‍රීඩාංගණය , රංගිරි දඹුලු ක්‍රීඩාංගණය හා තවත් එක් ක්‍රීඩාංගණයක තරඟ පැවැත්වීමට නියමිත බව සඳහන් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් කණ්ඩායමක් සඳහා විදේශීය ක්‍රීඩකයන් හය දෙනකු හා විදේශීය පුහුණුකරුවන් දෙදෙනෙකු ඇතුළත් බවට නිවේදනයේ සඳහන් කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here