ක්‍රිකට් පවුලේ වාර්තාව

0
223

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සොහොයුරන් එකම තරගයට ක්‍රීඩා කරන ලද අවස්ථාවන් වගේම එක් සොහොයුරෙක් වෙනුවට තවත් සොහොයුරෙක් කණ්ඩායමට ආදේශ වූ අස්ථාවන් හා විවිධ අවස්ථාවන් වලදී කණ්ඩායම නියෝජනය කළ එකම පවුලේ සහෝදරයන් ගැන වාර්තා කොතෙකුත් තිබුණද එකම පවුලේ සහෝදරයන් දෙදෙනා සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය එකම තරඟයකදී කණ්ඩායම් දෙකක් වෙනුවෙන් නියෝජනය කළ අවස්ථා ඉතිහාසයේ මේ දක්වා දක්නට ලැබෙන්නේ එක් වතාවකදී පමණි.

මෙම සිදුවීම 2006 වසරේදී සිදුවූ සිදුවීමකි. අයර්ලන්ත කණ්ඩායම සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්ට් හීදීය. එදා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එඩ් ජොයිස් සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අතර ඔහු මාකස් ට්‍රෙස්කොතික්ගේ ආරම්භක පිතිකරු සගයා විය. ඔහුගේ බාල සොහොයුරාවූ ඩොමිනික් ජොයිස් ද අයර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අයර්ලන්ත කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ මුහුණදුන් ප්‍රථම පන්දුවට මුහුණ දුන්නේය. නමුත් එදා තරගයේදී එඩ් ජොයිස් හා ඩොමිනික් ජොයිස් අසාර්ථකවූ අතර එඩ් ජොයිස් ලකුණු 10ක් ලබා ගන්නා විට ඩොමිනික් ලකුණු නොලබා ස්ටීව් හාර්මිසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

එඩ් ජොයිස් හා ඩොමිනික් ජොයිස්ගේ වැඩිමහල් සහෝදරයා ඔගස්ටීන් ජොයිස් ද අයර්ලන්ත ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට පෙර එක් තරගයකට ක්‍රීඩා කොට තිබුණි. එලෙසෙම ඔවුන්ගේ සහෝදරියන්වූ ඉසොබෙල් ජොයිස් හා සිසිලියා ජොයිස් ද අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් විය.

©චානක මධුසාගර | Images Courtesy – Cricket Life

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here